India’s Skeleton Lake contains the bones of mysterious European migrants/තවමත් හේතුවක් සොයාගත නොහැකි යුරෝපියානු සංක්‍රමණිකයින්ගේ ඇටකටු හමුවූ ඉන්දියානු ඇටකටු විල
By Bruce Bower
AUGUST 20, 2019 AT 11:00 AM
Source - www.sciencenews.org
හිමාලයේ කඳුකරයේ, අද්භූත මිනිසුන් සිය ගණනකගේ ඇටකටු කුඩා විලක් වටා විසිරී ඇති අතර එයට ඇටසැකිලි විල යන අන්වර්ථ නාමය ලැබී තිබේ. ඇතැම් දෙනා මෙයට වසර 220 කට පමණ පෙර ග්‍රීසිය සහ ක්‍රීට් දූපතෙන්ආ පැමිණි බවට ඩීඑන්ඒ සහ විකිරණ කාබන් පරීක්ෂණයකින් විශ්ලේෂණයින්ක් විසින් සොයාගෙන තිබේ.
නමුත් ජානමය වශයෙන් ඉන්දියානුවන් නොවන පුරුෂයින් හා ස්ත්‍රීන් විශාල පිරිසක් ඇටසැකිළි විල වෙත ගියේ ඇයිද යන්නැන සහ ඔවුන් මිය ගියේ කෙසේද යන්න තවමත් අභිරහසක් බව විද්‍යාඥයන් විසින් නේචර් කොමියුනිකේෂන් සඟරාවට වාර්තා කර තිබේ.
ඉන්දියාවේ ලක්නව්හි පිහිටි භූ විද්‍යා සමීක්ෂණ පිළිබඳ බිර්බාර් සහිනි ආයතනයේ භූවිද්‍යාජාන විශේෂඥ නිරාජ් රායි පවසන්නේ “මෙතරම් කටුක භූගෝලීය පිහිටීමකින් මධ්‍යධරණී මුහුදේ මුතුන් මිත්තන් හමුවීම ගැන අපි පුදුමයට පත් වෙනවා” යනුවෙනි.
රූප්කුන්ඩ් විල ලෙසද හැඳින්වෙන මෙම තටාකය උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ මුහුදු මට්ටමේ සිට මීටර් 5000 කට වඩා උසින් පිහිටා ඇත. ග්‍රීසියේ සිට අහස සිඹින උස් කඳුමත පිහිටි මේ විල වෙත යන්නේ නම් ඔහුට හෝ ඇයට කිලෝමීටර් 5,000 ක් දුර යායුතුය.
මේ ස්ථානයේ ඇති අස්ථි වලට සම්බන්ධ අනෙකුත් අය, මෙම යුරෝපීය ජාතිකයන් පැමිණීමට වසර 1000 කට පමණ පෙර දකුණු ආසියාවේ සිට පැමිණි පුද්ගලයින් බව විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. රූප්කුන්ඩ් විලේ තිබී හමුවූ ඇටසැකිලි 38 න් ලබාගත් ඩීඑන්ඒ සාම්පල අතුරින් 14 ක් නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ අයට සමානවත් 23 ක් දකුණු ආසියානු ජානමය මූලයන් ඇති අයට සමානවත් ලැබී තිබුණි. එසේම මෙම දකුණු ආසියානුවන් අදින් වසර 1200 කට පමණ පෙර ජීවත් වූ බව රේඩියෝ කාබන් කාල නිර්ණ පරීක්යෙෂණයෙන් පෙන්නුම් කෙරේ.
වර්තමාන හින්දු බැතිමතුන් රූප්කුන්ඩ් විල පසු කර උතුරු ඉන්දීය අභයභූමියක් වෙත යන අතර එහිදී ඔවුන් නන්ද දේවිය වන්දනා කරනු ලබයි. සමහර විට මීට වසර 1200 කට පෙර කිසියම් ආකාරයක ව්‍යසනයක් නිසා වන්දනා කරුවන් මියගිය බවට පර්යේෂකයෝ අනුමාන කරති. නමුත් මීට වසර 200 කට පෙර හිමාලයේ ඇටකටු විලට පැමිණි මිනිසුන් හින්දු හෝ වන්දනා කරුවන් නොවන බව ඔවුහු පවසති.


Comments
Post a Comment